පිටවීමේ පර්යන්තයට ඇතුළු විය හැකි ගණන වැඩි කෙරේ

කටුනායක ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයට ඇතුළු විය හැකි අමුත්තන් ගණන වැඩි කෙරේ

by Staff writer 07-07-2020 | 10:26 AM

COLOMBO (News 1st) - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දයට ඇතුළු විය හැකි අමුත්තන් සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සුරියආරච්චි මහතා පැවසුවේ, එක් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු මහජන ආලින්දයට කැඳවාගත හැකි බවය. එක් අමුත්තෙකු ඊට ඇතුළුවීමට රුපියල් 300 ක ටිකට්පතක් ලබා ගත යුතු බව ද ඔහු පැවසුවේ ය. කෙසේ වෙතත් රජිව් සුරියආරච්චි මහතා පැවසුවේ, නියම කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම ඒ අයුරින්ම අනුගමනය කිරීම අනිවාර්ය බවයි. මීට පෙර එක් මගියෙකුට පිටවීමේ ආලින්දයට රැගෙන ඒමට අවස්ථාව හිමිවුණේ, අමුත්තන් තිදෙනෙකුය. මේ අතර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය විවෘත කිරීම සම්බන්ධයෙන් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සුරියආරච්චි මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, සෞඛ්‍ය නිර්දේශ ලද වහාම ගුවන්තොටුපොළ විවෘත කිරීමට තම කණ්ඩායම සූදානම් බවය. ඊට අදාළ කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.