අප්‍රේ. 21 ප්‍රහාරයේ නඩු ගොනු 38ක් පොලිස්පතිට

අප්‍රේ. 21 ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

by Sagarika Chathumali 07-07-2020 | 3:46 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තවත් අසම්පූර්ණ නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, නීතිපතිවරයා විසින් මෙම නඩු ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබූ බවයි. පසුගිය ජූනි 26 වනදා ද අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ අසම්පූර්ණ ගොනු 40ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යැවිණ. ඒ අනුව මේ දක්වා අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව වැඩබලන පොලිසතිවරයා වෙත හරවා යවන ලද අපරාධ විමර්ශන නඩු ගොනු සංඛ්‍යාව 78කි. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ, එකී අසම්පූර්ණ අපරාධ විමර්ශන ගොනුවලට අදාළ විමර්ශන හරියාකාරව නොපමාව සිදුකර එකී සම්පූර්ණ විමර්ශන ගොනු කඩිනමින් නිතීපති වෙත යළි යොමු කරන ලෙසයි.