by Staff writer 07-07-2020 | 8:20 AM
COLOMBO (News 1st) - අතුරුගිරිය, අන්නාසිවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) පැවසුවේ, ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් 'බැබුන්' නැමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකි.