මැතිවරණ වේදිකාවේ පාලු කපන 13

මැතිවරණ වේදිකාවේ පාලු කපන 13

by Staff writer 07-07-2020 | 10:15 PM

COLOMBO (News 1st) : මැතිවරණ වේදිකාව තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනත් දැන් සංවාදයක් ඇති වී තිබේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පොදුජන පෙරමුණේ හවුල්කාර පාර්ශව තම මතය ඉදිරිපත් කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා
සජිත් ප්‍රේමදාස මැතිතුමා 13 වැනි සංශෝධනය රැක ගැනීමට උතුරේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි දකින්නේ.13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළොත් අපේ රට දෙකට නෙවේ 9 ට කැඩෙන එක කාටවත්ම නවත්වන්න බෑ.13 වැනි සංශෝධනය ගෙනවිත් වසර 33 ක් ගත වුණත් කිසිම රාජ්‍ය නායකයෙක් පොලිස් බලතල පළාත් සභාවට දුන්නේ නෑ. එහෙම නොදුන්නේ පොලිස් බලතල පළාත් සභාවට නොදුන්නොත් අනාගත බෙදුම්වාදී යුද්ධය ඇති වෙන්නේ ශ්‍රී ලංකා හමුදාවත් උතුරේ පොලිසීයත් අතර. දැනට ඉඩම් බලතල ජනාධිපතිවරයා යටතේ තිබියදීත් මුහුදු මහා විහාරය වැනි ඓතිහාසික විහාරයන්ගේ අන්තවාදීන් විසින් මංකොල්ලකමින් ඒ පුරා වස්තු විනාශ කරමින් සිටිනවා නම් ඒ බලතලත් පළාත් සභාවට දුන්නොත් කොහොමට හිටිද? ඇත්තම කිව්වොත් 13 වැනි සංශෝධනය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් පුරා විද්‍යා බලතල පවා පළාත් සභාවට ලැබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා
අපේ ඒකීය භාවය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, අපේ කඳවුරත් කැපවී සිටිනවා. 13 වන සංශෝදනයට ඡන්ද මාංචු දැම්මෙ කවුද හිටපු ආණ්ඩුවනේ, නැත්නම් පළාත් සභා ඡන්දේ තියන්න එපැයි. තිබ්බේ නැහැනේ. ඉතිං මේ අයද මේ කතා කරන්නේ. අපි මැරිලා ඉපදිලා නැහැ. ජනතාවට මතකයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා රටට
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
මගේ පියා තමයි පළාත් සභා ක්‍රමය මේ රටේ නීතිගත කරන්නට පාර්ලිමේන්තුවේ ඒ අනපනත් ගෙනාපු පුද්ගලයා
තාරක නානයක්කාර මහතා අපේක්ෂක
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාළේ ඉන්දියාවට ගිහිල්ලා පොරොන්දු වුණා 13 නෙවෙයි 13 ප්ලස් දෙනවා කියලා. ඒ පොරොන්දු වෙච්ච මහින්ද රාජපක්ෂයි, දැන් ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂයි මම දන්න තරමින් අලුතින් මැරිලා ඉපදුණු මහින්ද රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. එදා හිටපු ටිකක් අවුරුදු 10 කින් වයසට ගිය මහින්ද රාජපක්ෂ ඉන්නේ. උදය ගම්මන්පිල, විමල් වීරවිංශ, ඔය ඩබල දැන් කියනවා වේදිකා මත්තේ මොරදිදී 13 අහෝසි කරනවා කියලා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියනවා ඔබතුමාගේ ප්‍රතිපත්තිය 13 ඇකිලීම නම් කරුණාකරලා ඇම්බැට්ටයෝ, කේවට්ටයෝ ඉස්සරහට එවන්නේ නැතුව ප්‍රසිද්ධියේ කියන්න 13 අක්‍රීය කරන්න වරමක් ඉල්ලනවා කියලා.