ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු මහවැලි ගඟට පැන සියදිවි නසාගනී

by Staff writer 07-07-2020 | 9:29 AM

COLOMBO (News 1st) - ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු මහවැලි ගඟට පැන සියදිවි නසාගෙන ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මහනුවර, නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණියක සහ තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි. අද පාන්දර 5.45ට පමණ මොවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මතින් මහවැලි ගඟට පැන තිබේ. මොවුන් දෙදෙනා පාසලේ 10 වන හා 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබ ඇති අතර කලක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ. පොලීසිය පැවසුවේ මෙම සිසුවිය හා සිසුවා ඊයේ සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන් සොයමින් සිට ඇති බවයි. පසුව අද අලුයම කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම අසළ සිටින බව දැන ගැනීමට ලැබී තිබේ. දෙමාපියන් එම ස්ථානයට ළඟා වෙනවිටම දරුවන් දෙදෙනා මහවැලි ගඟට පැන්න බව මියගිය පිරිමි දරුවාගේ පියා පවසා තිබේ.