.webp)
ඒ ගැසට් නිවේදනය ඉවත් කරලා නැවත මේ ඉඩම් දිසා ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලපත්‍ර ක්‍රමයට අද මේ කළු ගල් වැලි පස් වලට වෙලා තියෙන මේ විනාශය මේ රටේ වටිනා කැළෑ ඉඩම් සහ පරිසර සංරක්ෂණ ඉඩම්වලට ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක මතු පරපුරට කරන භයානක බරපතල අපරාධයක්. ඔය ඉඩම් විතරක් නෙමෙයි මම බොහොම පැහැදිලිව කියනවා මේ මැතිවරණයෙන් පස්සේ කොළඹ නගරයේ අපි විසින් සංවර්ධනය සඳහා නිදහස් කරගත්ත විශාල ඉඩම් ප්‍රමාණයක් දැනටමත් අත යටින් විදේශිකයන්ට දෙන්න රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කරලා ඉවරයි කියලා මම කියනවා.මාධ්‍යවේදී ප්‍රශ්නය
මේ කරන චෝදනා ඔප්පු කරන්න ඔබතුමාට සාධක සාක්ෂි තියෙනවද ?හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
පළවෙනි එක තමයි කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ෂැංග්‍රිලා එකේ පිටිපස්සේ ඉඩම බලයට පත්වුණායින් පස්සේ ලබාදීම. මැනිං මාර්කට් එක පෑලියගොඩට ගෙනිච්චා අපේ අමාත්‍යාංශය යටතේ. මගේ සංවර්ධන ක්‍රියාදාමය යටතේ මැනිං මාර්කට් ප්‍රදේශය විවෘත වෙනවා . එතන අපි හදන්න නියමිතව තිබුණා කොළඹ ප්‍රධාන බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය. එහි සැලසුම් කටයුතු කළේ, ප්‍රංශ ආණ්ඩුවේ ප්‍රධානියෙක්. දැන් අපිට වාර්තා වෙලා තියෙනවා ඒ මුලු බිම් කොටස ඒ වගේම තවත් කොන්ත්‍රාත් ගණනාවක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදේශීය කොම්පැනිවලට දෙන්න .මම කැබිනට් පත්‍රිකාවකින් කිව්වා පාරවල් 5ක් විදේශීය සමාගමකට කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන්නා . ඒක හෙළි කරායින් පස්සේ රත්නපුර මාර්ගය පමණක් දැන් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න කියලා තියෙනවා . විශේෂයෙන්ම මට තියෙන තොරතුරු අනුව මීතොටමුල්ලේ අපි උද්‍යානයක් බවට කරන්න ගිය ඉඩම විනාශ වෙන්න දාලා මේ ආකාරයම විදේශීකයන්ට පැවරීමක් කරන්න යනවා.අපි ජනතාව පෙළගස්වනවා ඊට එරෙහිව. තව උදාහරණයක් අපි විසින් ජපන් ආණ්ඩුවත් එක්ක කඩුවෙල ඉඳලා පිටකොටුව දාන්න හදපු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. අද උත්සාහ කරනවා මේක රාජ්‍ය පෞද්ගලික ක්‍රමයට කරන්න. ඒකේ ක්‍රම දෙකයි තියෙන්නේ. ජපන් ආධාරවලින් අපි ණය ගෙවන්නේ මේකේ ලාභ උපයන දවසක ඉඳන්. අවුරුදු 15කට පස්සේ. නමුත් මේකට පුද්ගලික ආයෝජකයෙක් ආවොත් එන්නේ එක්කෝ වර්ෂයකට සැරයක් ආයෝජනයට ගෙවන්න ඕනේ.එහෙම නැත්තන් එයාට ඉඩම් දෙන්න ඕනේ.මේ ඉඩම් දෙනවද නැද්ද කියලා ප්‍රකාශ කරන එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වගකීමක්. මේ ව්‍යාපෘති ගැන නායකයෝ දෙන්නා උත්තර දෙන්නේ නෑ. වෙන ලේකම්ලා දාලා අතනින් මෙතනින් උත්තර දෙනවා.MCC ගිවිසුම අහෝසි කරන්න ඔච්චර දේශමාමක උනන්දුවක් තියෙනවනම් කැබිනට් පත්‍රිකාවක් දාන්න තියෙන්නේ. විමල් වීරවංශට පුළුවන් කැබිනට් පත්‍රිකාවක් දාන්න . මම පැහැදැලිව කියනවා MCC ගිවිසුමත් මේ ආණ්ඩුව අගෝස්තු 5 වැනිදායින් පස්සේ අත්සන් කරනවා.