රුසියානු කාන්තාව හිංසනයට ලක් කළ 4 ක් අත්අඩංගුවට

Update: රුසියානු කාන්තාව හිංසනයට ලක් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 06-07-2020 | 10:27 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, සැකකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවය. අද රාත්‍රීයේ කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය. ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති. ඇගේ ෆේස්බුක් සටහනට අනුව ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර පිටියේදී මෙය සිදුව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2666929470256130/