සංගා-මහේල ඉන්දියාවේ සිටියනම් ඉහළම තැන ලැබෙනවා

සංගක්කාර - මහේල ඉන්දියාවේ සිටියනම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා - රවී ශාස්ත්‍රී

by Staff writer 06-07-2020 | 6:57 PM

COLOMBO (News 1st) - 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද දැඩි අවධානය යොමු විය.

ඊට හේතුව මෙරට ක්‍රීඩකයින් ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම්වලට ලක්වීමයි. 2015 වර්ෂයේ ඉන්දියාව සමග පැවති ක්‍රිකට් තරගාවලියක් අතරතුර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රවී ශාස්ත්‍රි මහතා කුමාර් සංගක්කාර මහතා පිළිබඳව මෙලෙස අදහදස් අදහස් දැක්විය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රවී ශාස්ත්‍රි මහතා
"මම සංගක්කාරව පළමු තරගයේ සිට දැක තිබෙනවා. ඔහු ශ්‍රේණිගත කිරීම්වල හැම වේලාවේම සිය ස්ථානය හොඳින් රැක ගත්තා. සංගා නිතර දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයෙක්. ඔහු සමකරන්න අමාරු ක්‍රීඩකයෙක්. තෙන්ඩුල්කාර් වගේම විශිෂ්ටයෙක්. සංගක්කාරගේ ක්‍රිකට්‍ දක්ෂතා ඊට හොඳම උදාහරණ. ඔහු ලබපු හැම ශතකයක්ම ද්විත්ව ශතකයකම ඊට සාක්ෂි දරයි. ඔහු ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් හා සමානයි. ශ්‍රී ලාංකිකයන් සැබැවින්ම ඒ ගැන සැබවින්ම ආඩම්බර වෙන්න ඕන. සංගක්කාර රැස්කළ ලකුණු ගැන විතරක්ම නෙවෙයි. ක්‍රීඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණය ගැන. ඔහු ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. ගොඩක් කැපවීම් කරනවා. සංගක්කාර ක්‍රීඩා කරන්නේ එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ හෝ වෙනත් කොතැනක වුණත් ඔහු ඉතා ඉක්මණින් තණතීරුව හඳුනා ගන්නවා. සංගාට මහේලට නිසි පිළිගැනීම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඕන. ඔවුන් ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා. ඔහු අංක 3 පිතිකරු හැටියට ක්‍රීඩා කරන අවස්ථාවල ඉතා අසීරු තණතීරුවල පවා ඉතා හොඳ ඉනිම් ක්‍රීඩා කළා. සංගක්කාරට ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ක්‍රීඩා විලාසයක් තිබුණේ. පිතිකරුවන්ට සුදුසු තණතීරුවල ඔහුගේ ක්‍රීඩා විලාසය හාත්පසින්ම වෙනස්. සැබවින්ම සංගක්කාර විශිෂ්ට ක්‍රීඩකයෙක්"
https://www.facebook.com/NewsfirstSL/videos/1544596092407020/