මැතිවරණ නීති කඩ කළ 119ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ 119ක් අත්අඩංගුවට

by Staff writer 06-07-2020 | 10:23 AM

COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 92කි. ඒ අතරින් පැමිණිලි 22 ක් අපරාධ ගණයට අයත් වන බව ද ඔහු පැවසුවේ ය. ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත වාහන සංඛ්‍යාව 31 ක් පොලිස් භාරයට ගෙන ඇති බවය.