මහින්දානන්දගේ ප්‍රකාශය ගැන තවමත් විවිධ කතා

මහින්දානන්දගේ ප්‍රකාශය බොරුවක්නම් ඔහුට එරෙහිව කටයුතු කරන්න - පාර්ශව කිහිපයකින් විවිධ මත

by Staff writer 06-07-2020 | 10:36 PM

COLOMBO (News 1st) - ක්‍රිකට් තරග පාවාදීමක් ගැන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය බොරුවක් නම් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි පාර්ශව කිහිපයක් අද ඉල්ලා සිටියහ.

ඔවුන් පෙන්වාදෙන්නේ ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත යටතේ අලුත්ගමගේ මහතාට එරෙහිව පියවරගත යුතු බවය. 2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අනාවරණයෙන් පසුව විශේෂ විමර්ශන ඒකකය කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තේ ය. එවක තේරුම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගත් අතර මහේල ජයවර්ධන මහතාගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබියදී විමර්ශනය අවසන් කර තිබේ. එහිදී පොලීසිය පැවසුවේ, තරග පාවාදීමක් ගැන කිසිදු සාක්ෂි නොමැති බවයි. මේ පිළිබඳව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර පැය එකහමාරකින් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ අදහසම ප්‍රකාශ කළේ ය. අද ක්‍රීඩා අමාත්‍යාංශයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියේ අලුත්ගමගේ මහතාට එරෙහිව වහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

මේ පිළිබඳ සවිස්තර වාර්තාව නරඹන්න...

https://www.facebook.com/NewsfirstSL/videos/1544596092407020/