නිරෝධායනය අවසන් කළ 408ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ 408ක් අද නිවෙස් වෙත

by Staff writer 06-07-2020 | 11:30 AM

COLOMBO (News 1st) : නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 408 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වනවිට පුද්ගලයන් 18,859 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බවය. මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 6,303 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.