දිරාපත් නොවන පොලිතීන් වැටලීම යළි ඇරඹෙයි

දිරාපත් නොවන පොලිතීන් හා ලන්ච් ෂීට් වැටලීම යළි ඇරඹෙයි

by Staff writer 06-07-2020 | 5:50 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දැමූ දිරාපත් නොවන පොලිතීන්, ලන්ච් ෂීට් වැටලීම් නැවත ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ, දිරාපත් නොවන පොලිතීන්, ලන්ච් ෂීට් ජනතාව භාවිත කරන බවට නිරීක්ෂණය වූ බවය. ඒ හේතුවෙන් වැටලීම් වැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ. 2017 සැප්තැම්බර් 01 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පොලිතීන් සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු අනුව වැටලීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව පොලිතීන් අමුද්‍රව්‍යක් ලෙස යොදා නිෂ්පාදන ආහාර දවටන රට තුළ විකිණීම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය හා භාවිතය ද තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.