"මාස දෙකෙන් වැඩ පටන් ගන්න පුළුවන්"

ගැටලු විසඳා දෙන්නේ නම් මාස දෙකෙන් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් අරඹනවා - වරාය අධිකාරියේ සභාපති

by Staff writer 06-07-2020 | 8:54 PM

COLOMBO (News 1st) - රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව වි​සඳා දෙන්නේ නම් මාස දෙකක් පමණ ඇතුළත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා පවසයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට විදේශ සමාගම් අතට පත්වීමට ඉඩ නොදෙන ලෙස බලකරමින් වෘත්තීය සමිති ගෙනගිය අරගලය තාවකාලිකව නවතා දැමුවේ අගමැතිවරයා හමුවීමෙන් පසුවයි. කොළඹට රැගෙන ආ ගැන්ට්‍රි දොඹකර 3 වෘත්තීය සමිතිවල ඉල්ලීමට අනුව නැගෙනහිර පර්යන්තයේ ගොඩ බෑමට ද පියවර ගැනුණි. වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වරය අධිකාරිය මගින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාමට ඇති බාධාව කුමක් ද? වරාය අධිකාරියේ සභාපතිවරයා පවසන පරිදි දැන් ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකි. https://www.facebook.com/NewsfirstSL/videos/317226495973981/