හෙරොයින් සමග 25 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමග 25 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

by Staff writer 06-07-2020 | 11:30 AM

COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය අසළදී හෙරොයින් ග්‍රෑම් 322 ක් සමග තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000 මුදලක් ද සිය භාරයට ගත් බවය. 25 හැවිරිදි අදාළ තරුණිය එම ප්‍රදේශයේම පදිංචිකාරියකි. මේ අතර ගම්පහ, උඩුගම්පොල හා මීගමුව, දිසාගේවත්ත යන ප්‍රදේශවලදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 13 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.