සරසවි අද සිට ආරම්භ කිරීමට අවසර

කොන්දේසි 11කට යටත්ව අද සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර

by Staff writer 06-07-2020 | 4:59 PM

COLOMBO (News 1st) - සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට නැවත ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, කොන්දේසි 11 කට යටත්ව විශ්වවිද්‍යාල ආරම්භ කරන බවය. ඒ අනුව එක් පීඨයකට එක්වරකට කැඳවිය හැක්කේ වසර දෙකක සිසුන් පමණක් වන අතර නේවාසිකාගාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් රැඳවිය හැකිවේ. විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට දුන් කොන්දේසි මෙන්න.... https://www.facebook.com/NewsfirstSL/videos/1151829868548831/