කුසල් මෙන්ඩිස්ට ඇප

by Staff writer 06-07-2020 | 12:12 PM

COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතාට ඇප මත මුදා හැර තිබේ.

ඒ, අද පෙරවරුවේ ඔහු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනිණි. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුවිය. අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.