රක්කිද ජලාශයට අපද්‍රව්‍යක් මිශ්‍රවී ඇති බවට අනාවරණ

උල්හිටිහිය, රක්කිද ජලාශයට රසායනික අපද්‍රව්‍යක් මිශ්‍රවී ඇති බවට අනාවරණයක්....

by Staff writer 06-07-2020 | 7:45 PM

COLOMBO (News 1st) - උල්හිටිහිය, රක්කිද ජලාශයට කිසියම් රසායනික අපද්‍රව්‍යක් මිශ්‍රවී ඇතැයි එහි මසුන් අල්ලන ධීවරයින් අනාවරණය කරති.

ඔවුන් පෙන්වාදෙන්නේ, ජලාශය සමීපයේ ඇති බහුජාතික සමාගමක වගා බිමකින් මෙම අපද්‍රව්‍ය මුසුවන්නට ඇතැයි සැකකරන බවය. ජලාශයට නුදුරින් උල්හිටිය ඔය සමීපයේ මහ පරිමාණ වගාබිම් කිහිපයක් මේ වනවිට පිහිටා ඇත. පරිසරවේදී සජිව චාමිකර,
ඩෝල් සමාගමෙන් ජල මූලාශ්‍රවලට රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම දිගින් දිගටම සිදු වෙනවා මේ වනවිට උල්හිටිය ජලාශයට මහ පාරිමාණයෙන්ම ඩෝල් සමාගමේ සියලුම රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සිද්ධවෙනවා උල්හිටිය ජලාශයට මේ ඩෝල් ලංකා සමාගම ක්‍රියාත්මක වීම සඳහා සම්පුර්ණයෙන්ම ඉඩම් අත්පත්කරගෙන තියෙන්නේ නිතී විරෝධි ආකාරයට අප දන්නවා 5/2001 දරණ චක්‍රලේඛයට යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත් කරපු ඉඩම් තමයි මේ ආකාරයට විවිධ නීති විරෝධි ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ඩෝල් සමාගම විසින් මේ ඉඩම් අත්පත්කර ගෙන මේ වගා බිම් පවත්වාගෙන යන්නේ.
ජලාශයට අපද්‍රව්‍ය එක්වීම හරහා යළි ත් සංවාදයට ලක්වී ඇත්තේ ඉඩම් විදේශ සමාගම් අතට පත්විමේ ගැටලුවයි. පරිසරවේදීන් පවසන ආකාරයට බරපතළ ගැටලුවක් නිර්මාණයවී තිබියදී යළි ත් අවශේෂ කැලෑ නමින් හඳුන්වන ඉඩම් අවදානමට ලක්වීමේ තත්ත්වයක් නිර්මාණයවී තිබේ. මොනවද මේ අවශේෂ කැලෑ ඉඩම් ? පනතක් යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙතෙක් නම් කර නොමැති ප්‍රදේශ අවශේෂ කැලෑ ලෙස හඳුන්වයි. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය, ගිලිමලේ රක්ෂිතය සහ කිරිබත්ගල කන්ද එවැනි අවශේෂ කැලෑ කිහිපයකි. ජෛව විවිධත්වයෙන් යුත් අවශේෂ කැලෑ බොහොමයක් වටිනා දැව හා ජල පෝෂක වැනි පරිසරයට ඉතා වැදගත් ප්‍රදේශ ලෙස සැලකිය හැකියි. 2001 නිකුත්කර ඇති 05/2001 දරණ චක්‍රලේකය හරහා මේ ඉඩම් වන සංරක්ෂක යටතට පත්කළ අතර ඒවා හිතුමනාපෙට වෙනත් පාර්ශ්වවලට ලබාදීමට නොහැකි පරිදි යන්ත්‍රණයක් ද සකස් කර තිබේ. එම චක්‍රලේකයට අනුව අවශේෂ කැලෑ ඉඩම් කිසියම් කාර්යයකට යොදා ගැනීම සඳහා විශේෂ සමාලෝචන කමිටුවක අනුමැතිය අවශ්‍යවේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරයාට මෙම ඉඩම් සම්බන්ධයෙන් තිබූ තීරණ ගැනීමේ බලය සමාලෝචන කමිටුව අතට පත් විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක සඳහන් වූයේ මේ චක්‍රලේකය අහෝසි කළ යුතු බවයි. එම චක්‍රලේකය අහෝසි කළොත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙම ඉඩම් සම්බන්ධයෙන් යළි ත් බලතළ පැවරේ. 05/ 2001 චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජයේ හේතුව ? රජය මෙම චක්‍රලේඛය සංශෝධනය කිරීමට සූදානම්වන්නේ ගොවීන්ගේ වගා ඉඩම් සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව පවසමිනි. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන‍,
ගොවී ජනතාවට විවිධ හිංසනයන්ට හා පීඩාවන්ට පත්ව තිබෙන බවට පැමිණිලි රාශියක් ලැබිලා තිබෙන නිසා ඒ පිළිබඳව විමර්ශනය කොට බලා දිසාපතිවරයාට නැවත පවරාදීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන ලෙස වනජීවි වන සංරක්ෂණ එස්.එම්. චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලය දැනුම් දුන්නා.
මේ කියන කතාව පිළිගත හැකි ද? පරිසරවේදීන් පවසන්නේ ගොවි ජනතාවගේ ගැටලුව විසඳීමට 2006 දී ක්‍රමවේදයක් සකස් කළ බවයි. 02/2006 අංක දරණ චක්‍රලේඛය මගින් අවශේෂ කැලෑ වශයෙන් වන සංරක්ෂක වෙත පැවරී ඇති ඉඩම්වලින් කැලෑ නොමැති ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමට ක්‍රමවේදය සකස් කර තිබේ. එම චක්‍රලේකය නිකුත් කර තිබුනේ එවක පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයකු වන ජයලත් රවී දිසානායක මහතායිෙ පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයලත් රවී දිසානායක,
සංවර්ධන අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට ඉඩම් අවශ්‍ය බව දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දැනුම්දීම නිසා කැලෑ වශයෙන් නොපවතින ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පවතින කමිටුවක් මගින් නිරීක්ෂණය කරලා ඒ නිරික්ෂණය අනුව නැවත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට මොකද මේක විශේෂයෙන් කලේ මහජන අවශ්‍යාතාව සඳහා සංවර්ධන අවශ්‍යතා සඳහා ඉඩම් නිදහස් කිරීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ ඉඩම් ඒ නීති රීති අනුව නිදහස් කිරීම බොහෝ දුරට අපහසුතාවයටන්ට පත්වෙන නිසා ඒ සියලුම ඉඩම් වෙනුවට කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා ඊට අමතර ඉඩම් ඒ සඳහා අවශ්‍ය කමිටුවත් පත්කිරීමට නිර්දේශ කරා නිදහස් කිරීම සඳහා උපදෙස් දීමේ ප්‍රධාන අරමුණ තමයි මහජන අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතා සඳහා ඒ ඉඩම් ලබාගැනීමේදී තිබිච්ච යම් යම් දුෂ්කරතාවයන් මගහරලා මහජන අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යාතා සඳහා ඒ ඉඩම් ලබා ගැනීමේදී තිබිච්ච යම් යම් දුෂ්කරතාවයන් මගහැරලා පහසුවෙන් ඉෂ්ටකර ගැනීමට මහජනතාවට අවකාශය ලබාදීමට
වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ද දරන්නේ මෙවන් අදහසක්... මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් එච්. සරත් විජේසිංහ,
මේ චක්‍රලේඛය මගින් අනවශ්‍ය විදිහට ඉඩම් බෙදාදීම පාලනයවීම තමයි වෙලා තියෙන්නේ චක්‍රලේඛයේ කිසිම බාධාවක් නෑ අවශ්‍ය ඉඩම් හඳුනගෙන අන්තර් අමාත්‍යාංශ කමිටුවක් මගින් නිර්දේශ අරගෙන ඉඩම් කොමසාරිස්වරයාට පුළුවන් ඒ ටික බෙදන්න.
එසේනම් මේ චක්‍රලේකය අහෝසිකරන්න උත්සාහ කරන්නේ ඇයි ? පරිසරවේදීන්ගේ චෝදනාව මේ ඉඩම් මුදා හැරීමේ බලය දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් අතට පත්කර බහුජාතික සමාගම්වලට කෘෂි හෝ සංචාරක ව්‍යාපාර සඳහා ඉඩම් ලබාදීමේ උත්සාහයක් ඇති බවයි. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද යළි ත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා හමුවී මේ සම්බන්ධයෙන් ඇති විරෝධය මතු කළේ ය. සුරකිමු ලංකා සංවිධානයේ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි,
2/2006 චක්‍රලේඛයෙන් කැලෑ නැති ඉඩම් ප්‍රාදේශීය ලේකම්රුන්ට පවරලා එහෙනම් ඉතිං ප්‍රශ්නයක් නෑනේ ඒවා පුළුවන් ගොවීන්ට දෙන්න ඉතාමත් සරල ක්‍රමවේදයක් හරහා මේ ගොවීන්ට දෙන්න පුළුවන්. මේ කරන්නේ නරක කැත නින්දිත තත්ත්වයක්.
https://www.facebook.com/NewsfirstSL/videos/596912437903048/