අනතුරු නිවාරණ සතිය අද ඇරඹේ

අනතුරු නිවාරණ සතිය අද ඇරඹේ

by Staff writer 06-07-2020 | 9:19 AM

COLOMBO (News 1st) : අනතුරු නිවාරණ සතිය අද ආරම්භ වේ.

පොලිස් රථ වාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ අද සිට ලබන 10 වැනිදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක බවයි. මෙම සතිය තුළ අනතුරු අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.