මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ

මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ

by Staff writer 06-07-2020 | 6:13 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ වේලාව දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, අගෝස්තු 05 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ වේලාව පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දීර්ඝ කළ බවය. ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව මීට පෙර පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ප්‍රකාශයට පත් කර තිබුණි.