කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

by Staff writer 06-07-2020 | 7:50 AM

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනිණි. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුවිය. අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි. කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුරේ සී.සී.ටී.වී. දර්ශන (05.07.2020) https://www.facebook.com/NewsfirstSL/videos/570786687138428/