UPDATE: වැල්ලවත්තේ ගින්න පාලනය කෙරේ

UPDATE: වැල්ලවත්ත රෙදිපිළි වෙළෙඳසැල් පෙළේ ගින්න පාලනය කෙරේ

by Staff writer 05-07-2020 | 3:04 PM

COLOMBO (News 1st) –  UPDATE: වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ රෙදි පිළි වෙළඳසැල් පෙළක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් වෙළෙඳසල් 5 කට හානි සිදුව ඇති බවයි. ගින්න මැඩ පැවැත්වීමට සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථ 11 සහ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් රථ 2 ක් යොදා ගැනුණි. මේ හේතුවෙන් වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ මංසන්ධියේ සිට ඩබ්ලිව්. ඒ සිල්වා මංසන්ධිය දක්වා ගාලු පාරේ රථවාහන ධාවනය තවදුරටත් සීමා කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටින බවය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.