UPDATE:වැල්ලවත්තේ ගින්න: ගිනි නිවීම් භටයෙකුට තුවාල

UPDATE: වැල්ලවත්තේ ගින්න නිවා දැමීමේ මෙහෙයුම් අතරතුර ගිනි නිවීම් භටයෙකුට තුවාල

by Staff writer 05-07-2020 | 3:57 PM

COLOMBO (News 1st) – වැල්ලවත්ත ගින්න නිවා දැමීමේ මෙහෙයුම අතරතුර තුවාල ලැබූ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ගිනි නිවීම් භටයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක අද දහවල් ගින්නක් හටගෙන තිබුණි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට සඳහා සේවා රථ 5 ක් ද, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද යෙදවූ බවය. මේ හේතුවෙන් ගාලු පාරේ, දෙහිවල සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මංසන්ධියෙන් වසා දමා තිබේ. පොලීසිය සඳහන් කළේ, රාම ක්‍රිෂ්ණ මංසන්ධියේ සිට ඩබ්ලිව්. ඒ. සිල්වා මංසන්ධිය දක්වා ගාලු පාරේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුව එලෙස වසා දමා ඇති බවය. කොළඹ දෙසට පැමිණෙන වාහන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය සඳහන් කළේය.