පොළොන්නරුවේ ගොවීන් ජනපතිගෙන් කළ ඉල්ලීම

සහල් හිඟයක් ඇති කරන්න අතරමැදියන්ට ඉඩ දෙන්න එපා - පොළොන්නරුවේ ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 05-07-2020 | 7:13 PM
 

COLOMBO (News 1st) – සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන්නැයි පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ, අද පෙරවරුවේ පොළොන්නරුව, සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවකදී ය. සහල් හිඟයක් මාවාපෑමට ඉඩ ලබා නොදිය යුතු බව ද ගොවීන් එහිදී ජනාධිපතිතුමාට සඳහන් කළේ ය. විනාශ වෙමින් පැවති සහල් ගබඩා ප්‍රතිසංස්කරණය කරමින් වී මිලදී ගැනීම විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා එහිදී ගොවීන්ට දැනුම් දුන්නේ ය. ජනාධිපතිතුමා පැවසුවේ ඉදිරියේදී වී ගොවියා ද රැක ගනිමින් ගැටලුවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට රජය සැළසුම් කර ඇති බවයි. මේ අතර පොළොන්නරුව ඓතිහාසික දීප උයනේ පැවති උත්සවයකට ද ජනාධිපතිතුමා අද සහභාගී විය.