ලොරියක්,යතුරු පැදියක්,පා පැදියක් ගැටී අයෙකු මරුට

ලොරියක්, යතුරු පැදියක් සහ පා පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 05-07-2020 | 5:45 PM

COLOMBO (News 1st) –  මැදිරිගිරිය - හිඟුරක්ගොඩ මාර්ගයේ දිවුලන්කඩවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

මාර්ගයේ එකම දිශාවට ධාවනය වූ කුඩා ලොරියක්, යතුරු පැදියක් හා පා පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ පිටුපසින් පැමිණි ලොරිය පාපැදියේ ගැටී අනතුරුව යතුරු පැදියේ ද ගැටී ඇති බවය. අනතුරින් පා පැදියේ ගමන් ගත් 79 හැවිරිදි පුද්ගලයා මිය ගියේ ය. යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ලොරියේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.