ලීසිං: අවසන් වාර්තාව අඟහරුවාදා මහ බැංකු අධිපතිට

ලීසිං අක්‍රමිකතා සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා මහ බැංකු අධිපතිට

by Staff writer 05-07-2020 | 2:12 PM

COLOMBO (News 1st) - මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා මහ බැංකු අධිපතිවරයාට ලබාදීමට සැලසුම් කර තිබේ.

මීට පෙර එම වාර්තාව ලබාදීමට නියමිතව තිබුණේ, ජුලි මස 01 වැනි දායි. කමිටු සාමාජික මහ බැංකුවේ නීති හා අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ සිරිකුමාර කුඩාගම මහතා පැවසුවේ, පැමිණිලි භාර ගැනීම අවසන් වූ දිනයෙන් පසුවත්, පැමිණිලි ලැබීම හේතුවෙන් අවසන් වාර්තාව සකස් කිරීම ප්‍රමාද වූ බවයි. අදාළ කමිටුවට මේ වනවිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 250 ඉක්මවා ඇත. පැමිණිලි භාර ගැනීම අවසන් වීමට දින නියම වූ පසුගිය 30 වැනි දා වනවිට අදාළ කමිටුවට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 60 කි. කමිටු සාමාජික මහ බැංකුවේ නීති හා අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ සිරිකුමාර කුඩාගම මහතා පැවසුවේ, ඉන් බහුතරයක් ඒක පුද්ගල පැමිණිලි ලෙස ලැබී ඇති බවය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් පත්කළ එම ත්‍රිපුද්ගල කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධිර මහතාය.