ලංවිම වාර්ෂික පාඩුව ගැන පුරෝකතනයක්..

ලංවිම වාර්ෂික පාඩුව රුපියල් මිලියන 2000 කින් පහළට ?

by Staff writer 05-07-2020 | 7:59 AM

COLOMBO (News 1st) - මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් මිලියන 2000 කින් පමණ පහත වැටෙනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, රජය ඉන්ධන සඳහා ලබාදුන් සහනය ඊට සෘජු ලෙස බලපා ඇති බවය. කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි බිලට ලබාදෙන සහන, ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවය. මේ සම්බන්ධයෙන් අදාළ කමිටුවෙන් අප විමසීමක් කළෙමු. එම කමිටුව පැවසුවේ, අවසන් වාර්තාව හෙට අමාත්‍යාංශ ලේකම්වරියට භාරදීමට පියවර ගන්නා බවයි. පීඩාවට පත් සියලු පාරිභෝගිකයින්ට දිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගන්නා බව ද කමිටුව සඳහන් කළේ ය.