බහරේන් සිට ලාංකිකයින් 290 ක් දිවයිනට

බහරේන් සිට ශ්‍රී ලාංකිකයින් 290 ක් රැගත් විශේෂ ගුවන් යානයක් දිවයිනට

by Staff writer 05-07-2020 | 8:08 AM

COLOMBO (News 1st) - බහරේන් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඒ අතර ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු සිටින බවයි. එම පිරිස කටුනායක ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන බව ඔහු පැවසුවේ ය. මේ අතර ඩුබායි සහ කටාර් රාජ්‍ය සිටි පුද්ගලයින් 17 දෙනෙකු ඊයේ රාත්‍රී මෙරටට පැමිණ තිබේ.