ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා නැතැයි තහවුරු වෙයි

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා නැතැයි තහවුරු වෙයි

by Staff writer 05-07-2020 | 8:03 PM

COLOMBO (News 1st) – කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් කර තිබේ.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආසාදිතයා ලෙස සැලකූ පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේදී කළ PCR පරීක්ෂක 5ක ප්‍රතිඵල මත COVID-19 ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බවය. වඩාත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් 154 දෙනෙකුගේ ද PCR පරීක්ෂණ සිදුකර තිබේ. ඔවුන් අතුරින් ද කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අදාළ නිවේදනයේ දැක්වේ.