ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-07-2020 | 6:32 AM

දේශීය පුවත්

1. විමර්ශන නැවත්වූ ක්‍රිකට් අවුල තවදුරටත් කරළියේ: තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 2. අපේ රට හැමදාම යටත් කළේ ගිවිසුම්වලින් – පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි අගමැති ඉදිරියේ කියයි: අපේ රට ආක්‍රමණ 17කින් පමණ ජයග්‍රහණය කළ ද සෑම විටම රට යටත් කරගෙන ඇත්තේ ගිවිසුම්වලින් බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. 3. නැගෙනහිර පර්යන්තයේ කුමන්ත්‍රණය තවදුරටත්? – වරාය වෘත්තීය සමිතිවලින් අනාවරණයක්: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක බව වරාය වෘත්තීය සමිති පවසයි. 4. වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ: කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි බිලට ලබාදෙන සහන, ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදෙස් පුවත්

5. අමෙරිකානුවන් 244වන නිදහස් දිනය සමරයි: මිලියන දහස් ගණනක් අමෙරිකානුවන් ඊයේ ඔවුන්ගේ නිදහස් දිනය සමරා තිබේ.