
රාජ්‍ය ආයතන සතු වගා කළ හැකි ඉඩම් වගා සඳහා පමණක් ගොවීන්ට ලබා දීමේ තීරණයක්
රාජ්‍ය ආයතන සතු වගා කළ හැකි ඉඩම් වගා සඳහා පමණක් ගොවීන්ට ලබා දීමේ තීරණයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දිවයින පුරා රජයේ ආයතන සතු වගා කළ හැකි ඉඩම්, වගා සඳහා පමණක් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව මීට පෙර වගා කර තිබූ ඉඩම් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
එම ඉඩම් ලබන මහ කන්නයේ සිට වගා කිරීම සඳහා ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
ඊට අමතරව මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැවිලි සංස්ථාව සහ වතුකරයේ සමාගම් සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳව ද මේ වනවිට අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි සඳහන් ය.
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, නේවාසික කළමනාකරුවන් ඇතුළු කණ්ඩායමක් එම අධ්‍යයනය ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, මෙහිදී හඳුනාගන්නා ඉඩම් කඩිනමින් ගොවි ජනතාවට වගා කටයුතු සඳහා පමණක් ලබා දීමට පියවර ගන්නා බවය.
බඩඉරිඟු, දූරියන්, අලිපේර, අඹ ඇතුළු බෝග වැඩි වශයෙන් එම ඉඩම්වල වගා කිරීමට අපේක්ෂිත බව ද ඔහු පැවසුවේ ය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අපනයනය අරමුණු කරගනිමින් ය.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි