"අමෙරිකාව කොරෝනා පරදවා විශාල ජයක් ලැබුවා"

"අමෙරිකාව කොරෝනා පරදවා විශාල ජයක් ලැබුවා" - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 05-07-2020 | 12:09 PM

News 1st - අමෙරිකාව කොරෝනා පරදවා සුවිශාල ජයග්‍රහණයක් ලබා ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජූලි 4 වැනි දා ට යෙදුණු අමෙරිකාවේ නිදහස් දිනය සමරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, එරට කොරෝනා දෙවන රැල්ල ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමකදීය. කොරෝනා වෛරසය චීනයෙන් ව්‍යාප්ත වූ දරුණු වසංගතයක් බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ ය. ජූලි 4 වැනි දා සැමරුම් බහුතරයක් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කර තිබුණි.