ලොව පුරා කොරෝනා අසාදිතයින් ගණන මිලියන11 ඉක්මවයි

ලොව පුරා කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මිලියන 11 ඉක්මවයි

by Staff writer 04-07-2020 | 10:08 AM

News 1st - ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 11 ඉක්මවා ‍ගොස් තිබේ.

ඒ අනුව ලොව පුරා මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි එකලොස් ලක්ෂ අසූ දහස් පනස් පහකි. ලොව පුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 528,376 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රසීලය ,බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි. ගෝලීය කොරෝනා මරණ අතරින් හතරෙන් එකක් අමෙරිකාවෙන් වාර්තා වීම විශේෂත්වයකි. ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව ද හැට දෙලක්ෂය ඉක්මවා තිබේ. මේ අතර කොරෝනා දෙවන රැල්ලක් ඇති වීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව ඇතැම් රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. චීනය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් ඒ අතර වන බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉදිරි සතියේදී යළිත් වරක් යුරෝපයේ ඇතැම් රටවල්, රට වසා දැම්මේ පියවර ක්‍රියාත්මක කරනු ඇති බවයි. රොයිටර් පුවත් ‍සේවය වාර්තා කළේ, ආසියාවේ ජනගහණයෙන් 9% ක් සහ මැදපෙරදිග කලාපයෙ ජනගහණයෙන් 12 % කට කොරෝනා ආසාදිනය වී ඇති බවය.