රනිල්ගෙන් CID යට පැය 3 ක ප්‍රකාශයක්

රනිල්ගෙන් CID යට පැය 3 ක ප්‍රකාශයක්

by Staff writer 04-07-2020 | 6:58 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය තුනක ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එම ප්‍රකාශය සටහන්කර ගත් බවයි. කොල්ලුපිටිය, 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී එම ප්‍රකාශය සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.