ලීසිං සමාගම්වල අක්‍රමිකතා ගැන පැමිණිලි 250 ක්

මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 250 ක්

by Staff writer 04-07-2020 | 1:29 PM

COLOMBO (News 1st) - මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවට මේ වනවිට පැමිණිලි 250 ක් ලැබී තිබේ.

කමිටුවට පැමිණිලි භාර ගැනීම පසුගිය 30 වැනි දායින් අවසන් විය. එහෙත්, තැපැල් මාර්ගයෙන් ඊයේ පස්වරුව දක්වාම පැමිණිලි ලැබුණු බව එම කමිටුවේ සාමාජික මහ බැංකුවේ නීති හා අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ සිරිකුමාර කුඩාගම මහතා පැවසුවේ ය. අවසන් වාර්තාව සකස් කිරීම සඳහා ලබන සඳුදා කමිටුව රැස්වීමට නියමිතය. පසුගිය දා එම කමිටුව පත් කළේ, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසිනි. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.