බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සමග 389 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 389 ක් අත්අඩංගුවට

by Staff writer 04-07-2020 | 12:29 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන් ද සිය භාරයට ගත් බවය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 5.00 දක්වා එම විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක විය.