නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන කතක් දැලේ

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන කතක් ගල්කිස්සේදී අත්අඩංගුවට

by Staff writer 04-07-2020 | 12:29 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි 14,000 ක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, 55 හැවිරිදි එම චීන ජාතික කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයේ කාමරයක තිබී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි තොගය සොයා ගත් බවයි. ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.