පක්ෂවලට පක්ෂග්‍රාහී පොලිස් නිලධාරීන්ට නීතිමය පියවර

දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

by Staff writer 04-07-2020 | 6:06 PM
 

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ද ගන්නා බවය. මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 85 කි. ඒ අතරින්, පැමිණිලි 29 ක් අපරාධ ගණයට අයත් වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 27කි.