අමෙරිකානුවන් 244වන නිදහස් දිනය සමරයි

අමෙරිකානුවන් 244වන නිදහස් දිනය සමරයි

by Staff writer 04-07-2020 | 10:09 PM
COLOMBO (News 1st): මිලියන දහස් ගණනක් අමෙරිකානුවන් අද ඔවුන්ගේ නිදහස් දිනය සමරනු ලැබේ. බොස්ටන් වරායේ තේ සාදයෙන් ආරම්භ වූ රැල්ල අවසාන වූයේ ඇමරිකාවේ සියලු ප්‍රාන්ත බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස් කර ගනිමිනි. නියෝජනයකින් තොරව බදු පැනවීම ගැන කලකිරීමට හා කෝපයට පත් වූ අමෙරිකානුවන් 1773 දෙසැම්බර් 16 වන දින රාත්‍රියේදී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම විසින් ආනයනය කරන ලද තේ පෙට්ටි 342 ක් වරායෙන් මහ මුහුදට විසි කරන්නේ කැරැල්ලේ පළමු පියවර ලෙසය. බොස්ටන් තේ සාදයෙන් පසුවත් අමෙරිකානු විප්ලවයට තුඩු දුන් ප්‍රධාන සිදුවීම් කිහිපයක් තිබේ. අමෙරිකානු විප්ලවය ආරම්භ වී වසර දෙකක් ගතවන තැන එනම් 1776 ජූලි 02 වැනි දා අමෙරිකාව බ්‍රිතාන්‍ය කීරිටයෙන් නිදහස් රාජ්‍යක් ලෙස හැඳින්වූ අතර, ඔටුන්නෙන් තමන් ස්වාධීන රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ. එහි ප්‍රතිඵලය ලෙස 1776 ජූලි 04 වැනි දින තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද නිදහස් ප්‍රකාශනය අත්සන් කරනු ලැබිණි. කෙසේ වෙතත් සිවිල් යුද්ධයක් ආරම්භ වන්නේ අමෙරිකාවේ උතුරු සහ දකුණු ප්‍රාන්ත අතර නිල වශයෙන් ප්‍රාන්ත ලෙස ප්‍රකාශයට පත් නොවූ භූමි ප්‍රදේශ තුළ වහල් සේවය ක්‍රියාත්මක කරනවාද? නැද්ද? යන්න පිබිබදව ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමිනි. 1860 දී පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ලෙස ඒබ්‍රහම් ලින්කන් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ යළි කිසි දිනක අමෙරිකානු භූමියේ වහල් සේවය ක්‍රියාත්මක නොකරන බවට වූ ප්‍රතිඥාවත් සමගිනි. "කැරළිකාර රාජ්‍යයන් තුළ වහලුන් ලෙස රඳවා සිටින සියලු පුද්ගලයින් මෙතැන් සිට නිදහස්" ඒ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වචනයි මේ අතර අමෙරිකාවේ කලු සුදු බේදය අර්බුධ රැසක් ඇති කරන්නේ දැවැන්ත සමාජ ගැටලුවත් බවට පත් වෙමිනි. අප්‍රිකානු අමෙරිකානු ඇමතිවරයකු හා ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිං ඇතුළු සිවිල් ක්‍රියාකාරින් කළු ජාතිකයින්ට අමෙරිකාව තුළ පුරවැසියන්ට හිමි විය යුතු මූලික අයිතිවාසිකම් සහ අවස්ථාවන් හිමිවිය යුතු බව පවසමින් සිය හඬ අවදි කරන්නේ මෙවැනි පසුබිමකදීය. වසර ගණනකට පසු 2009 දී බැරක් ඔබාමා එක්සත් ජනපදයේ පළමු අප්‍රිකානු - අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වෙිමිනි. නිදහස පිළිබදව ඉතිහාසයට පාඩම් රැසක් කියා දුන් අමෙරිකානුවන් අද සිය 244වන නිදහස සමරන්නේ මහත් අභිමානයෙනි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන බොහෝ සැමරුම් අද නොපැවැත්වේ. නමත් අමෙරිකානු වැසියන් තමන්ට හැකි අයුරින් නිදහස සැමරුවේය.