දිවයිනේ සියලු බන්ධනාගාරවල හදිසි වැටලීමක්

සියලු බන්ධනාගාරවල හදිසි වැටලීමක්: ජංගම දුරකතන 1102ක්, සිම්පත් 688ක් සොයා ගනී

by Staff writer 04-07-2020 | 8:07 PM
COLOMBO (News 1st): දිවයින පුරා බන්ධනාගාරවල කළ වැටලීම් වලින් ජංගම දුරකතන 1102 ක් සොයාගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ, බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සහ ප්‍රධාන ජේලර්වරුන්ගේ මෙහෙයවීමෙන් වැටලීම් ක්‍රියාත්මක කළ බවය. සිදු කළ වැටලීම්වලදී ජංගම දුරකතන සිම්පත් 688ක් සහ ජංගම දුරකතන බැටරි 1,310 ක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. වැඩිම ජංගම දුරකතන ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මීගමුව බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 277කි. සිම්පත් 132 ක් සහ ජංගම දුරකතන බැටරි 286ක් ද සොයාගෙන තිබේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තිබී ජංගම දුරකතන 203 ක් සහ සිම්පත් 144 ක් සොයා ගත් බව උපුල්දෙනිය මහතා සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරයෙන් සොයාගෙන ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 199 ක් වන අතර සිම්පත් සංඛ්‍යාව 125කි. මැගසින් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 133ක් සොයාගෙන ඇති අතර, සිම්පත් 108ක් ද සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.