නැගෙනහිර පර්යන්තයේ කුමන්ත්‍රණය තවදුරටත්?

නැගෙනහිර පර්යන්තයේ කුමන්ත්‍රණය තවදුරටත්? - වරාය වෘත්තීය සමිතිවලින් අනාවරණයක්

by Chathuranga Rajapaksha 04-07-2020 | 8:28 PM

? නැගෙනහිර ජැටියට බලපෑම් කළේ කවුද? ? පොරොන්දුවක් ඕන ? නිවරැදි තොරතුරු අපි කමිටුවට දෙනවා ? ඉන්දියාව මේක ගත්තොත් සංවර්ධනය කරන්නේ නැහැ ? ඡන්දේ අදාළ නැහැ - වරාය වෘත්තීය සමිති

Colombo (News 1st): කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක බව වරාය වෘත්තීය සමිති පවසයි. වරාය, වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා සහ එම සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න යන මහත්වරුන් මේ බව අද අනාවරණය කළේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. රහස් සාකච්ඡා තවදුරටත් පවතින බවත් ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත් ඔවුන් සඳහන් කළේය. ඉන්දියාව නැගෙනහිර පර්යන්තය සඳහා බලපෑම් කළ බවත් ඔවුන් කියා සිටියේය. නමුත් නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය සතු විය යුතු බව ද ඔවුන් අවධාරණය කළේය. https://youtu.be/qem2fyUee2k