දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර

කර්තෘ Staff writer

04 Jul, 2020 | 6:06 pm

 

COLOMBO (News 1st) – දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ද ගන්නා බවය.

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 85 කි.

ඒ අතරින්, පැමිණිලි 29 ක් අපරාධ ගණයට අයත් වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 27කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]