ජනපති මිහින්තලේ මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගනී

ජනපති මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගනී

by Staff writer 04-07-2020 | 4:07 PM

COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර, මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගත්තේය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත ගිය ජනාධිපතිතුමා, සේනාසනාධිපති සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවය. ජනාධිපතිතුමාට සහ සිල් සමාදන්ව සිටි උවැසි - උවැසියන්ට සෙත් පතා ජය පිරිත් සජ්ජායනාවක් ද එහිදී සිදු කෙරිණි. ක්‍රි. ව. 05 - 06 සියවස්වලට අයත් මිහිදු ආරණය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ.