UPDATE : මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

UPDATE : මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

by Staff writer 03-07-2020 | 9:10 AM
COLOMBO (News 1st)9.10Am : මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ. මහේල පවසන්නේ, අද දිනයේ නොපැමිණෙන ලෙස තමා දැනුවත් කර නොතිබූ නිසා  විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි. https://www.youtube.com/watch?v=8qkG726dW7I&feature=youtu.be ............................................................................................................................................................................................

UPDATE : ''මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ'' - විශේෂ විමර්ශන ඒකකය

COLOMBO (News 1st)7.10Am : මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. එහෙත්, වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය. අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. හිටපු ටේස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගෙන් ද, ඊයේ පැය 9 කට අධික කාලයක් විමර්ශන ඒකකය ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. ..................................................................................................................................................................... COLOMBO (News 1st) 6.40am : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා අද ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබේ. ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි. ඒ අනුව අද පෙරවරු 9ට මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනි සිටීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේ ය. හිටපු ටේස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ද, පසුගිය දිනවල විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබාදුන්හ. https://www.youtube.com/watch?v=cA2TlEp3eSw&feature=youtu.be