MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතුයි

MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතුයි - ලලිත සිරිගුණවරුවන්

by Staff writer 03-07-2020 | 8:16 PM

COLOMBO (News 1st) :  MCC සමාලෝචන කමිටුව අද මාධ්‍ය හමුවක් කැඳවා ඔවුන් සකස් කළ වාර්තාව පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

MCC ගිවිසුම් සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිත සිරිගුණරුවන් මහතා
මේ තියෙන මුහුණුවරින් මේ තියෙන ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා අපි රජයට යෝජනා කරලා තියෙනවා. කිසිම කොන්දේසියකින් තොරව. මේක අත්සන් කරන්න එපා. මේක අධ්‍යනය කරනකොට පෙනිලා ගිය දෙයක් තමයි මීට පූර්වගාමීව MCC ආයතනය සමග ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම් දෙක අත්සන් සහිතව මේ වාර්තාව ඇතුළේ තියෙනවා. කවුරුහරි කියනවා නම් MCC ආයතනය සමග ශ්‍රී ලංකාව මීට පෙර ගිවිසුම් දෙකක් අත්සන් කරලා නෑ කියලා. ඔබම බලාගන්න කවුද ඇත්ත කියන්නේ කියලා. පළමුවෙනි දේ මේ ආධාරය ලබාගෙන තියෙන්නේ මොකටද කියලා බැලුවොත් එක ගිවිසුම දිහා බැලුවාම ලබාගෙන තියෙන්නේ . ලබාගෙන තියෙන්නේ කියන එකෙන් අදහස් කෙරෙන්නේ සල්ලි අරන් කියන එක නෙවෙයි. අපි එහෙම කියලා නෑ කොහෙවත්. අපි කියලා තියෙන්නේ ප්‍රධානයක් ලබාගෙන තිබේ ගිවිසුමකින්. ඇයි ඒ ගිවිසුමකින් ප්‍රධානයක් ලබාගෙන තියෙන්නේ ගිවිසුමේ හැටියට මේ MCC ගිවිසුමේ සුදානම් කිරීමක් සඳහා . ප්‍රධානයක් ලබාදීමට එකග වෙලා තියෙනවා. ලබා ගැනීමට එකඟ වෙලා තියෙනවා. බලන්න අත්සන් සමග තියෙනවා මේ තියෙන්නේ ගිවිසුම් දෙක. මේකට මුදල් ආවේ නෑ කියන නිසා කමිටුව බොරු කිව්වා කියලනේ දැන් කතා කියන්නේ. අපි කමිටුවේ කොයිම තැනකවත් කියලා නෑ . ඔය ගිවිසුම්වලට අදාළ මුදල් ලංකාවට ආවා කියලා. මේකේ සල්ලි ආවේ නෑ කියලා කවුරුහරි කියනවා නම් අපිට එකේ විරුද්ධත්වයක් නෑ ඒක ඔව් කියන්නවත් නෑ කියන්නවත් යන්න ඕනේ නෑ . මේ සල්ලි ටික ඇවිල්ලා නැත්නම් හොදයිනේ. එහෙනම් ලංකා රජය කිසිම බැදීමක් නෑනේ . ඊළඟ ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ලා ගත්ත දෙයක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් රජය බොහොම නිදහස් නිදහසේ තීන්දුවක් ගත්තැහැකි.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඔබතුමා සඳහන් කරනවා දැන් මේ ගිවිසුම් අදියර දෙකක් අත්සන් කරනවා කියලා. ඒ කාරණාව හරිද?
ලලිත සිරිගුණරුවන් මහතා
අර ගිවිසුම් පෙන්නුවේ දැන්.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
එතකොට අපිට මේ ශ්‍රී ලංකා රජයට මේකෙන් ඉවත් වීමේ හැකියාවක් තියෙනවාද?
ලලිත සිරිගුණරුවන් මහතා
ඉතින් දැන් ඉවත් වීමක් කියලා දෙයක් නෑනේ තාම එම් සී සී ගිවිසුම අත්සන් කරලා නෑනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
එතකොට අදියර දෙකක් අත්සන් කළා කියන කාරණාව මොකක්ද?
ලලිත සිරිගුණරුවන් මහතා
මහත්තයෝ ඒ කතා කරන්නේ මේ කොන්තරාතුව අත්සන් කිරීමට පෙර සුදානම් කොන්ත්‍රාත් දෙකක්. මේකෙන් අයින් වෙන්න දෙයක් නෑ තාම අත්සන් කරලා නෑ.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයට මේ ගිවිසුම අත්සන් නොකර සිටිමට කිසිදු බාදාවක් නෑ කියන එක තමයි ඔබතුමා කියන්නේ.
ලලිත සිරිගුණරුවන් මහතා -
අපිට පෙන්න විදිහට එහෙමයි. කම්පැක්ට් ඇග්‍රිමන්ට් එක අත්සන් නොකර සිටීමට කිසිදු බාධාවක් නැත.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
විශේෂයෙන් රජයේ ඇමතිවරුන්ගෙන් වගකිවයුතු පිරිසගෙන් ප්‍රශ්න කරනකොට ඔවුන් කියන්නේ ඔවුන්ටවත් තේරිලා නෑ අපි මේ MCC ගිවිසුම නොකර සිටීමට හැකියාව තියෙන බව. ඒ කියන්නේ ඔබතුමාලාගේ කමිටු වාර්තාව මේ රටේ ප්‍රභලයන්වත් තාම තේරුම් අරන් නෑ .
ලලිත සිරිගුණරුවන් මහතා - 
ඔය ප්‍රභලයින්න වාර්තාව යන්න ඇත්තේ ඊයෙනේ . ඒ ගොල්ලන්ට තෙරුම් ගන්න තව ටිකක් කල් යයි.
මධ්‍යවේදී ප්‍රශ්නය -
ඔබතුමන්ලා යෝජනා කරලා තියෙනවාද ? මේක අත්සන් කරනවා නම් මෙන්න මේ වෙග් සීමාවල් ඇතුළේ කරන්න කියලා.
ලලිත සිරිගුණරුවන් මහතා -
අත්සන් කරනවා නම් කියලා එකක් අපිට නෑ අත්සන් නොකළ යුතුයි මේක. ඉදිරියේදී සළකා බැලීමට නම් මේ අලුත් මනමාලියක්. මේ මනමාලි ගැන නෙවෙයි කියන්නේ. මේක ප්‍රධානයක් නිසා නිකම්ම ප්‍රතික්ෂෙප කරන්නත් හොද නෑ . ඒ ගැන අපි හොයලා බලන්න ඕනේ. හොයලා බැලුවාම කියවෙන්නේ අපිට ගැලපෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපිට ගැලපෙන ක්‍රමවේද යටතේ අපේ රටේ සුභසාධනය උල්ලංඝණය නොකොට අපේ අනාගතය අවදානමේ නොහෙලා නැවත සකස් කිරීමක් කරන්න පුලුවන් නම් අලුත් මනමාලියක්ව අපි කසාඳ බදින්න සුදානම් වුණාට කමක් නෑ. සළකා බලලා නියම අනුමැතීන් අරගෙන.