වරාය ගැටලු සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

වරාය ගැටලු සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

by Staff writer 03-07-2020 | 8:12 PM

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා ජය බහාලු පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වරාය අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා ය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක යන මහත්ම මහත්මීන් එහි සාමාජිකයින් වේ. කමිටුව දින 45 ක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.