.webp)
ඉතාම පිරිසිදු නව ගුණ වැල අතේ තියාගෙන සුදු ඇදලා රටටම හොරු කියපු වෛද්‍ය රාජිත සේනාරත්න මහත්තයාගේ පැටිකිරිය ඊයේ එළියට ආවා. චෙක් නම්බර් එක 721209. 2015-08-11 ලක්ෂ 50 යි. ෆයිව් මිලියන්. ඊළගට 288585 ලක්ෂ 50 යි. 551212 චෙක් නම්බරය ලක්ෂ 50 යි. අනේ දොස්තර මහත්තයෝ මේවා මාරු කළේ කවුද? ඒ මුදල් දැන් කොහේද? ඊයේ දවසේ විජයදාස රාජපක්ෂ කළ ඒ හෙළිදරව්ව. එදා ඕන විදිහට ඇස්දෙක ඇස් පියන් ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා බොරු කිව්වා රාජිත මහත්තයෝ. දැනුත් ඇස්පිල්ලන් ගහගෙන ගහගෙන ගිහිල්ලා කියන්න කවුද මේ චෙක් මාරු කළේ? අද රාජිතට දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දීලා. කැබිනට් එක ඇතුළේදී කිව්වලු අපේ ලක්ෂ 200 ක් ගෙනල්ලා තියෙනවාලු මම ගෙනියන්න තියෙනවා තාම ගෙනියන්න ගෙනිච්චේ නැහැ කියලා. ලක්ෂ 200 මල්ල රාජිතලාගේ ගෙදර ගුල්ලෝ ගහලාලු.සමගි ජන බලවේගයේ අපේක්ෂක රාජිත සේනාරත්න මහතා
ජනාධිපත් නීතිඥ යැයි කියන විජයදාස රාජපක්ෂ මහත්තයා ඇවන්ඩ්ගාඩ් එකට කොන්ත්‍රාත් එකක් ඊයේ රෑ කරලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මේකම ඉස්සෙල්ලා ඇවන්ගාඩ් දැන් අවුරුදු 3කට විතර ඉස්සර 2016 විතර තමුන්නාන්සේලාට මතක ඇති ඕකම මිලියන 5 ක් දුන්නැයි මට කියලා. හොඳ වෙලාවට වෛද්‍ය සයුරු ඒ මුලු මෙව්වා එකම මුලු කතාබහ ඇවන්ගාඩ් කට්ටියත් එක්ක කරන කතාබහ රේකෝඩ් කරනවා වගේම එයත් රේකෝඩ් කරලා තිබුණා. ඒකෙන් මට උත්තරයක් තිබුණා. මම ප්‍රතික්ෂේප කරේ අපිට විරුද්ධව අපිව පරද්දන්න අපිව මරන්න හිටපු මිනිස්සුන්ට උදව් කරපු ඒකෙන් මුදල ගන්න මට වැඩක් නැහැ කියලා. දැන් පහුගිය කාලේ මේ මනුස්සයා කිව්වා අපිට විරුද්ධව කෝටි 50 ක් වියදම් කරනවා කියලා. මටත් විරුද්ධව. මම හිත්නනේ මේ පළවෙනි කෝටි 50 පළවෙනි කොටස මම හිතන්නේ විජයදාස රාජපක්ෂට ගෙවන්න ඇත්තේ ඊයේ රෑ. මගේ කේන්ද්‍රයේ තියෙනවා මට ගහන එකෙක්වත් ඉතුරුවෙන්නේ නෑ කියලා. ඉතිං ඕක තමයි එයාටත් වෙන්නේ. මට ආවා ලිපියකින් මේ ඇවන්ගාඩ් එකෙ තවත් ත්‍රාඩ වැඩක්. මේ කවුරුවත් නෙවෙයි මේ ඔස්ට්‍රේලියන් හයි කොමිෂන් එකෙන්. ඒ කියන්නේ පැමිණිලිකරු මේ සිකුයුරිටි ෆර්ම් එක හොඳ නැහැයි කියලා ඒ මිනිස්සු ලියනවා. එයාට ජීවිත තර්ජන කරලා කියනවා වහාම රටින් පිටවෙයන් කියලා. දැන් මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව අන්තිම කාලේ 2019 කාලේදි මට එක දවසක් කතා කරනවා වජිර අබේවර්ධන හිටපු ඇමති. කතාකරලා මට කියනවා රාජිත විශේෂ පුද්ගලයෙක් ඔයාව හම්බෙන්න එනවා අපේ ගෙදර එන්න පුලුවන්ද? මම වජිර ගේ ගෙදරට ගියාම මට අඳුන්නලා දුන්නා මේ අඳුරනව ද කියලා මට අඳුරන්නත් බැරිවුණා ඒ සැරේ කිව්වා මේ නිශ්ශංක සේනාධිපති කියලා. මම කිව්වා මෙයාත් එක්ක කතාකරන්නේ නැහැ කියලා. මම කිව්වා මෙයාගේ දැන් ගහගෙන ඇති රේකෝඩින් කියලා. අනේ සර් එහෙම කරන්නේ නෑ කියලා ඔහොම ඉන්නකෝ මම පෙන්නන්න කියලා ෂර්ට්වල තියෙන ඒවා ගලවලා ඊට පස්සේ ෂර්ට් එක ගැලෙව්වා. ඊටපස්සේ මම කිව්වා ඉතිං ෂර්ට් එක ඇතුළේ විතරක්යෑ ඕක ගහගන්න පුලුවන් කිව්වම කලිසමත් ගලවන්න හැදුවා. ගලවන්න හදනකොට මම වටපිට බැලුවා . මොකද වජිර අබේවර්ධණ මහත්තයාගේ නෝනා ඉන්නවද කියලා නෝනා හිටියේ කුස්සියේ හොඳ වෙලාවට. මම කිව්වා නෑ නෑ ඕක ඉක්මනට ඇදගන්න කියලා. මොකද ඒ මිනිහට ලැජ්ජ නැතුවට මට ලැජ්ජ තියෙනවානේ. ඒ කියන්නේ මම වෙනුවෙන් ඒ වෙලාවේ කලිසම වුණත් ගලවන්න ලෑහැස්තියි ඔය මිනිහා.