පො.මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂකවරයෙක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂකවරයෙක්

by Staff writer 03-07-2020 | 3:23 PM

COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත්කර තිබේ.

ඒ , පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ය. බදුල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා ලෙස ඔහු මේ වනවිට කටයුතු කරයි. මේ අතර පොලිස් මූලස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. පී. අපොන්සු මහතා ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මාරු කර යවා තිබේ.