නි. පොලිස්පතිවරු 12 කට වහාම ස්ථාන මාරුවීම්

නි. පොලිස්පතිවරු 12 කට වහාම ස්ථාන මාරුවීම්

by Staff writer 03-07-2020 | 6:53 AM
COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන්, 20 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ, සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ඒ අනුව පොලිස් මූලස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. පී. අපොන්සු මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මාරුකර යවා තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත මහතා මාරුකර යවා ඇත්තේ, සුබ සාධක දිසාවටයි. නියෝජ්‍ය පොලිස්පතිවරු 12 දෙනාට අමතරව ස්ථාන මාරුවීම් ලබාදී  ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුටයි.