නිරෝධායන මධ්‍යස්ථානවලින් තවත් මැලේරියා රෝගීන් 4ක්

නිරෝධායන මධ්‍යස්ථානවලින් තවත් මැලේරියා රෝගීන් 4ක්

by Staff writer 03-07-2020 | 4:08 PM

COLOMBO (News 1st) : මෙරට නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව තවත් මැලේරියා රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති සමස්ත මැලේරියා රෝගීන් සංඛ්‍යාව 8ක් බවයි. මොවුන් සියලු දෙනා අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව ඔහු සඳහන් කළේ ය.