නයිජීරියානු ජාතිකයෙකුට මෙරටදී මරණ දඬුවම

නයිජීරියානු ජාතිකයෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 03-07-2020 | 3:26 PM

COLOMBO (News 1st) : කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ නයිජිරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

කොකේන් ග්‍රෑම් 774 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිචෝදනා නගා තිබුණි. අදාළ චෝදනා 2ට ඔහු වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඔහුට මරණ දඬුවම නියම කළේ ය. 2016 වසරේ ඔක්තෝබර් 04 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබුණි.